ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන පත්කර ඇති බව වාර් තා වෙයි.
වාර් තා වන ආකාරයට රවීන්ද්‍ර විජේගුණවර්ධන අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබිණ.
යහපාලන ආණ්ඩු සමයේ 2016 වසරේ හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකු පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන දැඩි කථාබහට ලක්ව සිටියේය.
හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා ගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා නව පත්කිරීම කර ඇති බව එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
