Language Switcher

V2025

භූමිතෙල් මිල පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල ගණන් පහළ දමා තිබේ.

ඒ අනුව, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305ක් දක්වා පහළ ගොස් ඇත.

එසේ ම, ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 134කින් අඩුකර තිබේ.

ඒ අනුව, රුපියල් 464ක්ව තිබුණු එම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330 දක්වා පහළ දමා ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවන බව ය.