2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය රජය විසින් නිකුත් කර ඇත.
මීට අදාළ තීන්දුව ගෙන තිබුණේ පසුගියදා පැවති කැබිනට් හමුවේදීය.
එම චක්‍රලේඛයේ සඳහන් වන ආකාරයට මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා කාලය සඳහා අදාළ නිලධාරියාට හිමි මූලික වැටුප ගෙවිය යුතුව ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අසෝකගේ අත්සනින් යුතු එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.
අදාළ චක්‍රලේඛය පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
