Language Switcher

V2025

විදෙස් කටයුතු ගැන අගමැති අප්‍රසාදයෙන් : ඇමති සංශෝධනයත් කල්යන ලකුණු !

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන එම අමාත්‍යංශයේ රාජකාරි සිදුකරන ආකාරය සම්බන්ධව තෘප්තිමත් විය නොහැකි බැවින් එම අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකු වෙත පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන එම අමාත්‍යංශයේ රාජකාරි සිදුකරන ආකාරය සම්බන්ධව තෘප්තිමත් විය නොහැකි බැවින් එම අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකු වෙත පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට පසුගියදා විදේශ අමාත්‍යංශය භාරගැනීමට  විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අදහස විමසා ඇත්තේද ඒ අනුව වන අතර  විජේදාස මන්ත්‍රීවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වන විට වෙනත් අමාත්‍යවරයෙකු  වෙත විදේශ අමාත්‍යංශය පැවරීමේ සුදානමක් ඇත.

එසේම අමාත්‍යංශ විෂය සහ අමාත්‍යධුර ලබාදීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද කිහිපයක් මතුව ඇති බවත් ඒ හේතුවෙන්  කැබිනට් සංශෝධනය කල්යන පසුබිමක් නිර්මාණය වී ඇති බවත්  වාර්තා වෙයි.

මන්ත්‍රී - රාජ්‍ය ඇමති පෙළක් කැබිනට් අමාත්‍යධුර අපේක්ෂාවක 

6 mp

ඒ අතර රවී කරුණානායක මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදීමට මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විරුද්ධ වීම, රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාද  නීතිය හා සාමය අමාත්‍යංශය නිසිලෙස මෙහෙයවීමට අසමත් බවට පක්ෂ අභ්‍යන්තරයේ අදහස් පළවීම, විජේදාස රාජපක්ෂ- අජිත් පී.පෙරේරා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, වසන්ත සේනානායක, පාලිත රංගේබණ්ඩාර ඇතුළු පිරිසක් කැබිනට් අමාත්‍යධුර අපේක්ෂාවෙන් පසුවීම ප්‍රධාන වන බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

අගමැතිට උභතෝකෝටික ප්‍රශ්නයක් !

මේ හේතුවෙන් කැබිනට් අමාත්‍යධුර ප්‍රමාණය වැඩිවීමේ අවධානමක් මතුව ඇති බවත් කැබිනට් අමාත්‍යධුර වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා එකඟතාව පළකිරීම සැකසහිතවීමත් යම් ආකාරයකට කැබිනට් අමාත්‍යධුර වැඩිවීමක් සිදුකර ගත්තද ඒ හේතුවෙන් එල්ලවිය හැකි ජනතා අප්‍රසාදය නිසාත් අග්‍රාමාත්‍යවරයා බරපතල ගැටළුවකට මුහුණදී සිටින බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

අමාත්‍යමණ්ඩල සංශෝධනය කල්යන ලකුණු !

මේ අතර එළඹෙන 23 වනදා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කර ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර 24 වනදා අමාත්‍ය මණ්ඩල  සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර තිබුණත් එජාප අර්බුදය හේතුවෙන් එය තවත් කල්යාමේ අවධානමක්ද මතුව ඇත. එසේම ජනාධිපති කාර්යාල ආරංචිමාර්ගද සඳහන් කර සිටින්නේ එජාප අමාත්‍ය ලැයිස්තුව පවා මෙතෙක් ජනාධිපතිවරයා වෙත යොමුකරලීම සඳහා  ඉදිරිපත් කර නොමැති බවත් එය තවදුරටත් පමාවුවහොත් අමාත්‍යමණ්ඩල සංශෝධනයද කල්යාම අනිවාර්යයක් වනු ඇති බවය.