ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කර ඇත.
රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනු කර තිබිණි.
අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වන දා කැඳවන ලෙස නියෝගකර තිබේ.
පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ, රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබා දීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බව ය.
එමගින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බව ත් එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම පෙත්සම ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
