ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සඳහන් කරයි.
ඔහු මේ අදහස් පළකර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (15) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය.
මෙරට සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් එහිදී ශ්‍රී ලංකාවේ කැපවීම පැසසීමට ලක්කර තිබේ.
ඉන්දියාවේ ක්‍රියාත්මක සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ අත්දැකීම් විස්තර කළ ඔහු නව සුබ සාධන ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රසාදය එක් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
