නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් තොගයක් රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන දඩ මුදලක් පැනවූ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් අද (24) පාර්ලිමේන්තුවට පැමිණ ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ඡන්දය විමසීම සඳහා සහභාගී වීය.
ඔහු එහිදී ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.
නීතිවිරෝධී ලෙස රත්‍රන් ඇතුළු භාණ්ඩ තොගයක් මෙරටට රැගෙන ඒමේදී, ඊයේ (23) කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් පැනවීමෙන් පසුව මුදාහැරුණි.
මන්ත්‍රිවරයා නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රන් කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 397 ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
