Language Switcher

V2025

විකාශන නියාමන කොමිසම ගැන තවමත් තීරණයක් නෑ !

විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.

ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සදහා බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ වන විට යෝජනා මාලාවක් පමණක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසූ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

ඉදිරියේදී මේ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකි බවත් ඊට අදාළව එළඹෙන 07 වනදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.