SL-Vlogහි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 21) නියෝග කර තිබේ.
ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි.
කෙසේ වෙතත්, නතාෂා එදිරිසූරිය ජූලි 05 වන දා දක්වා නැවත ත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මේ අතර, ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන ජූලි මස 5 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
