සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
ඔහු ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.
අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස්ගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
