විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 3 දෙනෙකු සහ තානාපතිවරුන් 7 දෙනෙකු මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (ජූනි 30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබේ.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව ඇත.

අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

ආචාර්ය රොජර් ගෝපෝල් – ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස්

එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් – පැනමා ජනරජයේ තානාපති

ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් – බෙල්ජියම් රාජධානියේ තානාපති

මහාචාර්ය ජොයිස් කේ. කිකාෆුන්ඩා – උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්

දිමිත්‍රියස් ලොනව් – හෙලනික් ජනරජයේ තානාපති

ආචාර්ය බාසාම් අල්-කතිබ් – සිරියානු අරාබි ජනරජයේ තානාපති

ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් – පේරු ජනරජයේ තානාපති

ලී මියොන් මහත්මිය – කොරියානු ජනරජයේ තානාපති

ඉස්ට්වාන් සැබො – හංගේරියාවේ තානාපති

ලලාටියානා ඇකෝචේ – සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්

විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න