දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත්කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ, හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ අදාළ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බවය.
එමෙන්ම එම වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (01) දිනය පුරා පැවැත්වු අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දි එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි.
ඒ අනුව ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මත වු බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් ඊයේ දිනයේ ලිඛිතව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
