ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.
නඩුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද (12) කැඳවනු ලැබු අතර සද්ධාරතන හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එහිදී සිදුකළ ඇප ඉල්ලීම සලකා බැලු අධිකරණය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇත.
පැමිණිල්ල විසින් සිදුකර ඇති චෝදනා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට අදාළ නොවන බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
