ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890 ක ලංසු ඉදිරිපත් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී රුපියල් මිලියන 99,660 ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08 ක් දක්වාත්, දින 182 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
