කොළඹ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස 4,000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹගේ මාවත, ස්ටේඩියම් ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර සහ මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ඉදිකෙරෙන එම කියන නාගරික සංවර්ධන අධිකාරිය එම නිවාස ඒකකයක් වර්ග අඩි 550 කින් යුක්ත වන බව ද සඳහන් කළේය.
එම නිවාස ලාභීන්ට ඔප්පුව සහ නොමිලයේ ජල සහ විදුලි සම්බන්ධතාව ඇතුළු පහසුකම් රැසක් හිමිවන බවත් ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ අනුග්‍රහය යටතේ එම නිවාස සංකීර්ණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
