ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, අදාළ එන්නත් කාණ්ඩ ලබාදීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය සහ මහනුවර ජාතික රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇතිවූ එන්නත් කාණ්ඩය එලෙස භාවිතය අත්හිට වූ බවයි.
මහනුවර, ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධය ලබා ගැනීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද, ඔහු සඳහන් කළේ ය.
මේ අතර ප්‍රතිජීවික ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් උග්‍ර වීමෙන් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි චමෝදි සංදීපනී නමැති 21 හැවිරිදි තරුණිය මියගොස් ඇතැයි, අදාළ නිලධාරියා පැවසුවේ ය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (15) ප්‍රකාශ කළේ, අදාළ එන්නත තරුණියට දුන් දිනයේදීම තවත් රෝගීන් 12 දෙනෙකුට එය ලබා දී ඇති බවයි.
ජනවාරි සිට මේ දක්වා රෝගීන් 2,715 දෙනෙකුට පේරාදෙණිය රෝහලේදීම එම එන්නත් කාණ්ඩය ලබාදී ඇතැයි, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
