එළඹෙන මහ කන්නයේදී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇති අතර, ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත.
මේ අතර, ලබන මහ කන්නයේදී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබේ.
ඒ අනුව, ගොවි ජනතාවට සිය කැමැත්ත පරිදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මගින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව අමරවීර වැඩිදුරට ත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
