එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරුන්ට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.
ඒ අනුව ඔවුන් යළි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.
ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
මේ අතර එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
එජාපයේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරගැනීම සැප්තැම්බර් මස 10 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ පැවැත්වෙන එජාප මහ සමුළුවේදී සිදුකිරීමට නියමිතය. එම සමුළුවේ සියලු සංවිධාන කටයුතු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත පවරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
