ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවක් මගින් හඳුන්වාදීමට යෝජනා කර තිබේ.
ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සඳහන් ය.
ඊට හේතුවී ඇත්තේ මෙරට ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සඳහන්ව තිබුණ ද ජාතික ගීය ගායනයේදී මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව තිබීම ය.
කෙසේවෙතත් උමාරා සිංහවංශ ජාතික ගීය උච්ඡ ස්වරයෙන් ගායනා කර ඇති බවට කමිටුව විසින් හදුනාගෙන ඇති අතර එය ඇය විසින් ද පිළිගෙන තිබේ.
විමර්ශන කණ්ඩායම විසින් මීට අදාළ වාර්තාව පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
