සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ඊයේ (22) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.27 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි.
දෙදින නිල සංචාරයක් සඳහා 21 වැනි දා ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය.
එහිදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
