සංස්කෘතික අමාත්‍යංශය ජනපති යටතට !

සංස්කෘතික අමාත්‍යංශය ජනපති යටතට !

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සංස්කෘතික අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය එජාපය වෙත පැවරීමේ එකඟත්වය මතය.

සම්මුතිවාදී ආණ්ඩුවේ තුල එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්කර ගෙන තිබු අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් ඉදිරි කැබිනට් සංශෝධනයේදී දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟතාවයට පත්ව ඇති අතර එහිදී රටේ දිළිඳු භාවයට ස්ථිර විසඳුමක් පිරිනැමිමට එක්සත් ජාතික පක්ෂය සමෘධි අමාත්‍යංශය ඉල්ලා ඇතැයි නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පසුගියදා පැවසිය.

සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට ලැබිම නව ගමනකට රට යොමු කිරිමට අවශ්‍ය ජවය හා ශක්තිය ලැබිමක් බව ඔහු කියා සිටියි.

ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) හා කම්කරු අමාත්‍යංශ විෂය පථයන් එක්සත් ජාතික පක්ෂය වෙතත් එක්සත් ජාතික පක්ෂයට වෙන්කර දී තිබු සංස්කෘතික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ විෂය පථයන් ශ්‍රීලනිපය වෙතත් පැවරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ  අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 

ms rw 1000pzx 13 04 2018ජනපති හා අගමැති අතර අවබෝධතා ගිවිසුමක් !

මේ අතර සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, යහපාලන රජයේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් ජනපති හා අගමැති අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි. 

අදාළ අවබෝධතා ගිවිසුම මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළ එය අත්සන් කිරීමෙන් පසු නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන බවත් ඒ මහතා කීය.

මහනුවර පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා පෙරේදා (27) මේ බව කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න