මහාධිකරණ විනිසුරුවරුන්ටත් අසාධාරණයක් !

මහාධිකරණ විනිසුරුවරුන්ටත් අසාධාරණයක් !

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කළ අනුපාතය මත මහාධිකරණ විනිසුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව මහාධිකරණ විනිසුරුවරුන්ගේ මහසභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පසුගියදා මහාධිකරණ විනිසුරු සංගමයේ සභාපති විකුම් කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති මෙම මහසභා රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇත.

ව්‍යවස්ථාදායක සභාව විසින් සිදුකරන අදාළ පත්වීම් මේ වන විට 1:1 අනුපාතයට සිදුකරන නමුත් සිදුවන අසාධාරණය වළක්වා ගැනීමට  රට තුළ කාලයක් පුරාවට පැවැති 3:1 අනුපාතය යන සම්ප්‍රදායටම අනුව ඉදිරියේදී අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමට පියවර ගන්නා ලෙස සභාපතිවරයාව හා ව්‍යවස්ථාදායක සභාවට පැමිණිලි කිරීමටද එහිදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න