පරිසර අමාත්‍ය ධූරය හිස් වෙයි : වේකන්සි පුරවන්නේ කවුද ?

පරිසර අමාත්‍ය ධූරය හිස් වෙයි : වේකන්සි පුරවන්නේ කවුද ?

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වි ඇති බවත් ඒ අනුව අදාල පුරප්පාඩුව පිරවීම සඳහා කටයුතු කරන ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඊයේ (09) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ ඇත්තේ, නීතිපති දෙපාර්තුමේන්තුව මඟින් ලබා දුන් උපදෙස් අනුව ය.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා වන අතර පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඔහුව නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇත.

නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කෙරෙණු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.

මේ අතර පුරප්පාඩු වන පරිසර අමාත්‍ය ධූරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිටින බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න