වයඹ පළාත් හිටපු ආහාර හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී එම් විජේනායක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
1939 වසරේ ජනවාරි 03 වන දින උපත ලද ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු විය.
ඉබ්බාගමුව ගම් සභාවේ සභාපතිවරයා ලෙසත් හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති එතුමන් කුරුණෑගල මලියදේව පිරිමි සහ කාන්තා විද්‍යාලය ද්විත්වයෙහිම ගුරුවරියක ලෙස සේවය කල ඩී.බී විජේනායක මහත්මියගේ ආදරණීය සැමියාය.
දරුවන් තිදෙනකුගේ ආදරණීය පියාණන් වූ ඒ මහතාගේ වැඩිමහල් පුත් උදය විජේනායක මහතා ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන අතර, වැඩිමහල් දියණිය උත්පලා විජේනායක මහත්මිය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරනු ලබයි.
අභාවප්‍රාප්ත වයඹ පළාත් හිටපු අමාත්‍ය ඩී එන් විජේනායක මහතාගේ කණිටු දියණිය වන උත්තරා විජේනායක මහත්මිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආදරණීය බිරිඳයි.
අභාවප්‍රාප්ත විජේනායක මහතාගේ දේහය මේ වන විට කුරුණෑගල, නොයෙල් සෙනෙවිරත්න මාවතේ, අංක 12 /1 නිවසෙහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(30) සවස 6.00 ට කුරුණෑගල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත ය.

