පොලිතීන් භාවිතයෙන් සිදුවන ප්‍රාණඝාතයෙන් වැළකෙමු

පොලිතීන් භාවිතයෙන් සිදුවන ප්‍රාණඝාතයෙන් වැළකෙමු

අද දවස සජීවී අජීවී සියලු වස්තූන්වලට අසීමිතව කරුණාව දැක්වූ සොබාදහමට අනුරූපී දිවියක් ගතකළ මහා ශාස්තෲවරයකුගේ ජීවිතයේ විශේෂ සිදුවීම් තුනක් සිදු වූ දවසයි. 

මෙවන් දවසක, මවුබිමට සිදුවිය යුතු මාධ්‍ය මෙහෙවර මැනවින් හඳුනාගත් මවුබිම පුවත්පත අද (29) දවසේ සැදැහැති ඔබගේ ප්‍රයෝජනය සඳහා විශේෂ පින්කමක නියැලෙමින් මල් රැගෙන යන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී මල් මංජුසාවක් සකසා ගැනීම සඳහා පිවිතුරු පිටුවක් ඔබට වෙන් කර දී ඇත. 

අද දින යනු මවුබිම පුරා විවිධ මාදිළියේ උත්සව, පෙරහර, දන්සල් ආදී දහසකුත් එකක් ආමිස පූජා සිදුවෙන දවසයි. එමෙන්ම, අවාසනාවකට මෙන් බොහෝ අහිංසක සතුන්ට දිවි අහිමි වීමේ මාවත විවරවෙන දවසයි.

අද වැනි දිනක පොලිතීන් භාවිතය සිය දහස් ගුණයකින් ඉහළ අගයක් ගනියි. මේ හේතුවෙන් සිදුවනඅහිතකර පාරිසරික බපෑම සුළු පටු නොවේ. විහාරස්ථාන අවට පරිසරයට පොලිතීන් එකතු වීමෙන් ඒඅවට දිවි ගෙවන සතා- සීපාවන්ට සිදුවන ජීවිත හානිය ගැනිය නොහැකි තරම්ය.  

මෙවන් උතුම් දවසක ජීවමාන අරුතනම්, ඒ ශ්‍රේෂ්ඨ ශාස්තෲවරයා දේශනා කළ සොබාදහම හා සමීපජීවන රටාවකට හුරු වීමයි. නමුත් මුළු ලෝකයටම පිලිලයක් වී ඇති පොලිතීන් නම් වූ ඒ මහා විපත්කාරකය අප සියල්ලන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් වී ඇත.

එබැවින්, සිය දහසක් ජීවිත සුරකින පරිසර හිතකාමී පුරුද්දකට හුරුවෙමින් ඔබත් මේ පොහෝ දිනයේ සැබෑම පින් රැසට දායක වෙන්න.

මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න