ආයුර්වේදයේ අවිධිමත් පත්වීම්

ආයුර්වේදයේ අවිධිමත් පත්වීම්

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට 2015 වර්ෂයේදී විවිධ තනතුරු 57ක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයන් බඳවා ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ.

අනුමත කාර්යය මණ්ඩලය තුළ නොවූ සහකාර කළමනාකරණ (අලෙවි ප්‍රවර්ධන) තනතුරු 03ක් සඳහා ස්ථාන පදනමින් නිලධාරීන් බඳවාගන ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළි කර ගෙන ඇත.

මෙම බඳවා ගැනීම්වල දී තනතුරු සඳහා ප්‍රසිද්ධ දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවීමක් හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා නොමැත.

අනුමත සේවක සංඛ්‍යාව තුළ නොවූ සිවිල් ඉංජිනේරු තනතුරක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව 2015 මැයි 01 දින සිට 2016 අප්‍රේල් 31 දක්වා වර්ෂයක කාලයක් සඳහා නිලධාරීන් රුපියල් 80,000 වැටුපකට හා රුපියල් 5000ක් දීමනාවකට බඳවා ගෙන ඇත.

මෙම බඳවා ගැනීමේ අවිධිමත් බවට කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පිළිගෙන ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න