පනත් කෙටුම්පතකට එරෙහිව පෙත්සම් 45ක් !

පනත් කෙටුම්පතකට එරෙහිව පෙත්සම් 45ක් !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක් මේ වන විට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කථානායකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (18) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ය.

එහිදී ඔහු පැවසුවේ, "ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 121 1 ව්‍යවස්ථාව ප්‍රකාරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 ඔක්තෝම්බර් 04, 06 සහ 17 දිනයන් හි මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 34ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 11ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි," යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න