විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි

විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩිකිරිමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩිකිරිම සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බලා මෙම අනුමැතිය දුන් බවයි.

ඒ අනුව ගෘහස්ථ විදුලි සබඳතා සඳහා ඒකක 0 සිට 30 දක්වා ඒකකයක් සඳහා පැවති ගාස්තුව රුපියල් 10 සිට 12 දක්වා ඉහළ දමා ඇති අතර රුපියල් 150 ක්ව පැවති ස්ථාවර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 180 ක් දක්වායි.

ඒකක 31 සිට 60 දක්වා රුපියල් 25 ක්ව පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දමා තිබේ.

එහි ස්ථාවර ගාස්තුව වැඩිකර ඇත්තේ රුපියල් 300 සිට 360 දක්වායි.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක මිල රුපියල් 35 සිට 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිට 480 දක්වායි.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 59 දමා ඉහළ දමා ඇති අතර රුපියල් දහසක්ව පැවති එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1180 දක්වා ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබේ.

ඒකක 121 සිට 180 දක්වා රුපියල් 50 ක්ව පැවති ගාස්තුව රුපියල් 59 දක්වා ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

එහි ස්ථාවර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 1,500 සිට රුපියල් 1,770 දක්වායි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න