බිලියන 1000ක් සල්ලි අච්චු ගහපු කාතාව බොරුවක් !

බිලියන 1000ක් සල්ලි අච්චු ගහපු කාතාව බොරුවක් !

2018 මාර්තු සහ අප්‍රේල් දෙමස තුල පමණක් රු. ට්‍රිලියනයක්, (බිලියන 1000) ක සල්ලි අච්චු ගසා ඇතැයි ප්‍ර‍වෘත්තියක් පළ වී ඇතත් එම පුවත මුළුමනින්ම සාවධ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි පෙන්වාදී ඇත්තේ 1951 සිට 2018 අප්‍රේල් දක්වා මහ බැංකුව (නිල සංඛ්‍යා ලේඛන අනුව) සිය ඉතිහාසයේ අච්චු ගසා ඇති සමස්ථ මුදල් ප්‍ර‍මාණය රුපියල් බිලියන 1003 කි. එනම් රු. ට්‍රිලියන 1ක් පමණක් වන බවය.

එසේම අවුරුදු 70 ක් තුල මහ බැංකුව අච්චු ගැසූ මුදලට සමාන මුදලක් මාස 2 ක් තුල, අච්චු ගසන්නේ නම් රට බංකොලොත් විය යුතු බවත් එසේ නම්  මුදල් ගෙන යන්නට විල්බැරෝවක් අවශ්‍ය වන තත්ත්වයක් මතුවිය යුතු බවද එහි දක්වා ඇත.

කෙසේ වුවත් 2018 අප්‍රේල් 26 දිනට මහ බැංකුව සිය අවුරුදු 70 තුලම ‘අච්චු ගසා ඇති මුදල රු. බිලියන 998 ක් බවත් එහි සඳහන් කර ඇත.

එසේම එම නිවේදනයේ මෙසේද දැක්වේ.

සිංහල අවුරුදු කාලයටත්, නත්තල් කාලයටත් මහ බැංකුව සෑම වසරකම අතිරේක මුදල් සංචිත වානිජ්‍ය බැංකු වෙත යොමු කරයි.  ඒ මිනිසුන්ගේ මුදල් පරිහරණ අවශ්‍යතා ඉහළයන බැවිනි.  උත්සව සමය අවසානයේ දී එම අතිරේක මුදල් නැවත මහ බැංකුවට ලැබේ.  ඒ ව්‍යාපාරිකයින් නැවත මුදල් වානිජ්‍ය බැංකු වෙත යොමු කරන බැවිනි. ලංකාවේ මුදල් අච්චු ගැසීම රු.බිලියන 1000 ඉක්මවා යන්නේ අප්‍රේල් මාසයේ දී ය.  නැවත මුදල් මහ බැංකුවට ලැබීම නිසා එය අද රු. බිලියන 998 සීමාවේ පවතී.  අප සාකච්ඡා කරමින්, කමෙන්ට් දමමින් සිටිනේනේ අන්න එවැනි ‘ෆෙක් නිවුස්‘ එකකටය. 

රටක මුදල් අච්චු ගැසීමේ සීමාව 10% - 15% සීමාවේ පවතී.  ඒ අනුව, වරකට අච්චු ගසන මුදල් ප්‍ර‍මාණය ආසන්න වශයෙන් රු. බිලියන 150 කි. බැදුම්කර වංචාව නිසා මුල්‍ය අනුපාතිකයින් පවත්වා ගැනීමට 2015 හා 2016 දී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැසීම සිදු විය. (බැදුම්කර කොමිසමේ දී ද මේ කරුණ හෙළි විය) රටේ සල්ලි අච්චු ගැසීම ගැන කුමන හෝ අවබෝධයක් ඇති නම් මෙවැනි ‘ෆෙක් නිවුස් හැදෙන්නේ නැත‘. අනික, එවැනි  නිවුස් බෙදා ගන්නේ ද නැත. 

වසර 16කට පසුව, ලංකා ආර්ථිකයේ අඩුව වර්ධන වේගය 2017දී (3.1%) වාර්තා වී ඇත.  රාජපක්ෂ සමයේ යුද්ධය පවතින විටත් මෙයට වඩා ආර්ථික වර්ධනයක් සිදු වී ඇත. (රාජපක්ෂ වසර 9 ක පාලනය ආර්ථික වර්ධනයේ සාමාන්‍යය 6.4% කි.  යහපාලන රජය සමයේ එය 4.1 % කි.) යහපාලනය යටතේ ආර්ථිකය දැවැන්ත අර්බුදයකට පත් වී ඇති බව සත්‍යයකි. නමුත්, මාස 2ක් තුල රු.බිලියන 1000 ක් අච්චු ගසා නම් නැත.  එය පට්ටපල් බොරුවකි! 

සමාජ ජාලාවල ‘ෆෙක් නිවුස්‘ ප්‍ර‍ති නිර්මාණය කරන විටත්, ශෙයා කරන විටත් ටිකක් කල්පනා කර බැලීම එලොවටත්, මෙළොවටත් වැඩ සිදුවන කටයුත්තකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න