යෝජිත නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (මැයි 1) වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව හෙට පෙරවරු 10.00 ට එය සිදුකරන බවත් එබැවින් පෙරවරු 9.30 වන විට සියලු අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසද දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
මීට පෙරත් එනම් පසුගියදා දඹුල්ල ශ්‍රී වලගම්බා විහාරස්ථානයේදී පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ඇමති මණ්ඩල සංශෝධනය මැයි පළවනදා සිදු කරන බවය.
එසේම ආණ්ඩුවේ ප්‍රධානීන්ද අවස්ථා ගණනකදී යෝජිත නව අමාත්‍ය මණ්ඩලය සදහා විෂයන් බෙදන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට බව සඳහන් කරනු ලැබිණ.
එසේම ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා යටතේ වන ආණ්ඩුවේ සිව්වැනි කැබිනට් සංශෝධනය මෙය වන බවය.

