අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දින පස්වරු 6.00 ට කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊට අනුව දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර සිය නිවසින් පෙ.ව. 10.00ට පිටත්ව ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ තුන්මුල්ල හරහා බෞද්ධාලෝක මාවතට පැමිණ ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
ඉන්පසු දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පිටත්ව ප්‍රේමකීර්ති ද අල්විස් මාවත හරහා නිදහස් චතුරස්‍රය වෙත පෙ.ව.11.00ට ළඟාවනු ඇත. මහජන ගෞරවය සඳහා ප.ව.3.30 දක්වා දේහය විවෘත කෙරෙනු ඇත. ඉන්පසු ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එතුමාගේ අවසන් කටයුතු ප.ව. 6.00ට සිදු කෙරේ.
අද දින (30) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති ආදාහන කමිටු රැස්වීමේදී අවසන් කටයුතු පිළිබඳව මෙම තීරණයන්ට එළඹිනි.
කොළඹ පෙද්ගලික රෝහලකදී ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ ඒ මහතා සිය 99 වැනි ජන්ම දිනය සැමරුවේ පසුගිය අප්‍රේල් 05 වැනිදාය. 1919 අප්‍රේල් මස 05 වැනි දින දෙහිවල දී උපත ලැබූ පීරිස් මහතා පාසල් අධ්‍යාපනයෙන් පසු ටයිම්ස් හා ලේක් හවුස් ආයතනවල මාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කොට ඇත.
1947 දී එංගලන්තය බලා ගිය ඒ මහතා එහිදී කලා ශිෂ්‍යත්වයක් හැදෑරීය. 1952 දී ශ්‍රී ලංකාවට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රජයේ චිත්‍රපට අංශයේ වසර 04 ක් ද සේවය කළේය.
1949 සිට ඔහු චිත්‍රපට 28 කට අධික සංඛ්‍යාවකට නිර්මාණ දායකත්වය ලබා දී ඇති අතර රේඛාව, ගම්පෙරළිය, කළියුගය, සංදේශය, රන්සළු, නිධානය, ගොළු හදවත, අවරගිර, යුගාන්තය, මඩොල්දූව,බැද්දේගම හා වෑකන්ද වළව්ව ඇතුළු චිත්‍රපට 19 ක් අධ්‍යක්ෂණය කොට ඇති ඒ මහතා 1975 දී ගෝඩ් කිං නමැති ඉංග්‍රීසි චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේය.
ඔහු 1956 දී සිය ප්‍රථම චිත්‍රපටය වන රේඛාව අධ්‍යක්ෂණය කොට ඉදිරිපත් කළ අතර එය ශ්‍රී ලංකාවේ චිත්‍රාගාරයකින් පිටත එළිමහනේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ද වන්නේය. එයට දේශීය හා විදේශීය සම්මාන රැසක්ද හිමි විය. දේශීය සිනමාව වෙනුවෙන් කළ අනූපමය සේවය උදෙසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් ද හිමිවී ඇත.

