20 ට ද්‍රවිඩ සන්ධානයෙන් කොන්දේසියක්

20 ට ද්‍රවිඩ සන්ධානයෙන් කොන්දේසියක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ද්‍රවිඩ සන්ධානයේ සහය ලබාදීමට නම් ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇති අතර 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ ද විධායකය අහෝසි කරන බවට පොරොන්දුවී ඇතත් එය ඉටුවී නොමැති බවද සඳහන් කර ඇත.

එසේම 1978 හඳුන්වාදුන් විධායක ජනාධිපති ක්‍රමය සේම 1948 ආරම්භ වූ ජාතික ගැටළුවටද අවධානය යොමුවිය යුතු බවත් එය  අති විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිකලාවූ බරපතල ප්‍රශ්නයක් බැවින් එය අවසන් කිරීම තීරණාත්මක වැදගත් කාරණයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න