මැයි 1 ගැන කියවන : වෘත්තීය සමිති බොළඳයි - ඇමති වජිර කියයි

මැයි 1 ගැන කියවන : වෘත්තීය සමිති බොළඳයි - ඇමති වජිර කියයි

ජාත්‍යන්තර කම්කරු දිනය කොහොමද ආණ්ඩුව වෙනස් කරන්නේ කියලා අහන ප්‍රශ්නය තුළම එම ප්‍රශ්නය අසන උදවියගේ බොළඳකම හෙළිවෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු දිනය ඇමෙරිකාවේ පවත්වන්නේ සැප්තැම්බර් මාසයේ බවත් කැනඩාවේ පවත්වන්නේ සැප්තැම්බර් මස 9 වැනිදා බවත් ඒ ආකාරයට  තම තමන්ගේ රටට ගැළපෙන ලෙස එම වෙනස්කම් එම රටවල් විසින් සිදුකරගෙන ඇති බවද පැවසීය.

එසේම මැයි 1 දා කම්කරු සැමරුම වෙනස් කිරීමට රජය තීරණය කළේ ත්‍රෛයිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ ඉල්ලීමකට අනුව බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මෙවර වෙසක් ‍පෝය යෙදෙන්නේ අප්‍රේල් මස 29 වැනිදා. 2019 වසරේ ‍පෝය දිනය පිළිබඳව ගැසට් පත්‍රයට මම ඉකුත් සතියේදී අත්සන් තැබුවා. 2018 වසරේ ‍පෝය දින සඳහා මම අත්සන් තැබුවේ 2017 අප්‍රේල් මසදී අපට ඕනෑ ඕනෑ දින ‍පොහොය දින හැටියට නම් කරලා අත්සන් කරන්න බලයක් අපිට නැහැ.

ත්‍රෛයිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් අරගෙන ‍පොහොය කමිටුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක්ද එම කටයුතු සඳහා සම්බන්ධ කරගන්නා ලෙස අගමැතිතුමාද මට විශේෂ උපදෙස් දුන්නා. ඒ අනුව මුළු ලෝකයටම එකම දිනයක් වෙසක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ප්‍රකාශයට පත් කරන්න අපට පුළුවන්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න