ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.
කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.
ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය.
රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවට හෝටලයක රැඳී සිටි බව එහි ප්‍රධානී බෙනට් කුරේ සඳහන් කළේය.
ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
