වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය.
මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
එම නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 275 කි.
පැකට් නොකළ දුඹුරු සිනි කිලෝග්‍රැමයක් රුපියල් 330 කට අළෙවි කළ යුතුයි.
පැකට් කල සුදු සිනි කිලෝග්‍රැමයක් උපරිම සිල්ලර මිල රුපියල් 295 කි.
පැකට් කල දුඹුරු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක් බව වෙයි.
මේ අතර ,ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පැවති සත 25 ක බද්ද මේ මස පළමුවැනිදා සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ලැබුවේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
