චීනයෙන් පොලිසියට යතුරු පැදි සහ පරිගණක පරිත්‍යාගයක්

චීනයෙන් පොලිසියට යතුරු පැදි සහ පරිගණක පරිත්‍යාගයක්

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීම ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ සම්බන්ධීකරණයෙන් පොලිස්පති සී ඩී. වික්‍රමරත්න විසින් ශ්‍රී ලංකාවේ වීන තානාපති Qi Zhenhong මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කර තිබේ.

ඊට අදාළ ලිපි ලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් අතර චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන යන මහත්වරු ඇතුළු පොලිස් දෙපර්තමේත්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231111 WA0006

IMG 20231111 WA0006

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න