අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුබසාධනය නැංවීම වෙනුවෙන් 2024 අයවැය තුළ සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර තිබීම සාධනීය තත්ත්වයක් බව අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දෙයි.
ආර්ථික අර්බුදය හමුවේ බලවත් අපහසුතාවට පත්ව සිටි ජනතාවට තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිබරක් දැරීමට මේ හරහා සිදුනොවන බවත් ඔවුන් පවසයි.
එසේම මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බව ද පෙන්වා දෙන අධ්‍යාපන විශේෂඥයන් දුෂ්කර සමයක පීඩනයකින් තොරව උසස් අධ්‍යාපන කටයුතු වල නිරතවීමට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට අවස්ථාව හිමිවන බවත් පෙන්වා දෙයි.
එසේම ,
වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුබසාධක කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට 2024 අයවැය කටයුතු කර ඇත .
කෙසේ වුවත් ගුරු වෘත්තීය සමිති නායකයකු වන ජෝෂප් ස්ටාලින් අද පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයක් අමතමින් පවසා සිටියේ , "අපේ ප්‍රශ්නය ගැන එක වචනයක්වත් කතා කළේ නැහැ." කියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
