පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය අද (14) ප්‍රධාන ආනයනකරුවෙකුගේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 270ක් සොයාගෙන ඇත.
ඒවා සිය භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවරගෙන ඇත.
පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග බෙදාහරින ගබඩා අද මෙසේ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ.
එමෙන්ම තොග බෙදාහරින ස්ථානයක් පරීක්ෂා කිරීමේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 5ක් ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තබා එහි හිමිකරුට නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
