වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
එහි නිලධාරිනියක සඳහන් කළේ, අනතුරින් දරුවන් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු බව ය.
ඒ අතරින් ප්‍රාථමික අංශයෙන් ඉගෙනුම ලැබූ වයස අවුරුදු 06ක දැරියක මෙලෙස ජීවිතක්ෂට පත්ව ඇතැයි අදාළ නිලධාරිනිය පැවසුවා ය.
ජලය ලබා ගැනීමට කරාම සවි කර තිබුණු තාප්පය අසලට ගිය අවස්ථාවේ එම තාප්පය කඩා වැටී ඇතැයි සඳහන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
