ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බව කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
එහි දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශද ලේකම්වරයා විසින් දන්වා ඇත.
අතුරු කමිටුවක් පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළමුව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාගැනීම, නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම හා අතුරු කමිටුව පත් කරන ක්‍රීඩා ඉසව්වට අදාළ වන අන්තර් ජාතික සම්මේලනය දැනුවත් කිරීම එහිදී අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කැබිනට් ලේකම්වරයා විසින් දැනුම්දී ඇත.
ඉදිරියේදී නව ක්‍රීඩා පනතක් හඳුන්වා දෙන තෙක් මෙම නියමයන් ක්‍රියාත්මක විය යුතු බව ද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් දැනට පවතින ජාතික ක්‍රීඩා පනතේ බලතල අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ජාතික ක්‍රීඩා සංගමයක් අත්වෙමින් අතුරු කමිටුවක් හෙවත් ඒ වෙනුවට තාවකාලික පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ හැකිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
