2023 අයවැය යෝජනා 86% ක් සම්පූර්ණයි !

2023 අයවැය යෝජනා 86% ක් සම්පූර්ණයි !

2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒවා අතර මධ්‍යකාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

2023 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා සංඛ්‍යාව 120කි. ඒ අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 61ක් වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි . ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

දැනට ආරම්භ කර ක්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62කි. ඊට ආදායම් යෝජනා 5ක්, වියදම් යෝජනා 27ක් සහ ප්‍රතිපත්ති යෝජනා 30ක් ඇතුළත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව සමස්ත අයවැය යෝජනා අතරින් 86% අවසන් කර හෝ ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර අයවැය යෝජනා 17ක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති අතර ඊට අදාළ අමාත්‍යාංශවලින් ඊට හේතු විමසීමට කටයුතු කරන බව ද හෙතෙම පැවැසීය.

තාක්ෂණික ඌණතා, මානව සම්පත් ඌණතා සේම නෛතිකමය ගැටලු ද ඒවා හේතු විය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න