කෝප් කමිටුවේ ක්‍රිකට් විමර්ශන කෝප් සභාපති නැතුව !

කෝප් කමිටුවේ ක්‍රිකට් විමර්ශන කෝප් සභාපති නැතුව !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් සිදුකිරීමට ය.

කෙසේ වෙතත් කතානායකවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ මෙම තීන්දුව පිළිබඳව රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගතයුතුව ඇති බවයි.

මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද එය කල් යන තත්ත්වයක් ඇති බවත් වාර්තා වෙයි .

කෝප් කමිටුවේ සභාපතිවරයා සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න