ඉදිරියේදී බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යාමට නියමිත බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසයි .
එසේම ව්‍යාපාරවලට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට, අනිකුත් ව්‍යාපාර වෙනුවෙන් වන ණය සඳහා වූ පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීම පිළිබඳව මහ බැංකුව සමීප නිරීක්ෂණයක සිට සිටින බවත් ඒ ඔහු පැවසීය.
කෙසේ වෙතත් මහ බැංකුව බලාපොරොත්තු වන මට්ටමට පැමිණීමට බැංකු දහයක් තවමත් අසමත් වී ඇති බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා දෙසැම්බර් මස 31 වන විට නියමිත මට්ටමට පොලී අනුපාත ගෙන එන ලෙස දැනුම් දී ඇති බවද සඳහන් කළේය.
මහ බැංකු නිර්නායකයන් අනුව අදාළ මට්ටමට නොපැමිණියහොත් එම බැංකු පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දී ඇතැයිද ඔහු පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
