සජිත්ට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනාවක් !

සජිත්ට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනාවක් !

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ විපක්ෂ නායකවරයාට ජාතික වැදගත්කමින් යුත් ගැටලු සංෂිප්ත ව ඉදිරිපත් කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවය.

මේ අතර සති දෙකක කාලයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කර තිබේ.

සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ලෙස අශෝභන වචන භාවිතා කරමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකෝප කළේ යැයි චෝදනා මත මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත ය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරවම ස්ථිර වීමත් විශේෂත්වයකි.

ඒ අනුව විපක්ෂ නායකවරයාට අදාළ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් කතානායක වරයා ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න