බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරාවලට හානි කිරීම ගැන විමර්ශන !

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරාවලට හානි කිරීම ගැන විමර්ශන !

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා කිහිපයකට රැඳවියෙකු විසින් හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරු‍වෙකු ඊයේ (25) උදෑසන ව්‍යායාම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවක මෙලෙස CCTV කැමරා කිහිපයකට හානි සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විමර්ෂණයක් ආරම්භ කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර පොදු දේපොළවල හානිකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රත්ගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට ද නියමිත බවත් බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැඳවියා මීට පෙර ද කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර පොදු දේපොළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බවත් වාර්තා වෙයි .

විමර්ෂණයෙන් අනතුරුව සිදුවීම පාලනය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම අංශයේ රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න