බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්න - ජනපති

බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්න - ජනපති

බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඇරයුම් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (25) පැවැති හමුවකට එක්වෙමිනි.

මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ පැවති හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ද ඔවුහු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළහ. එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදී ම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

"අපිට මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න තියෙනවා. නැතිනම් තව අවුරුදු 5,6කින් මේ ගැටලු එනවා. මේ සැරේ වගේ නෙමෙයි ඊට වඩා දරුණු විදියට බලපෑම් කරයි. පෙට්‍රල් නෑ, මොකුත් තියෙන්නේ නැහැ. ඊළඟ සැරේට අපි IMF ගියොත් කියන කොන්දේසි මම දන්නවා. මගේ මීළඟ ව්‍යායාමය නව ආර්ථිකයක් ඇතිකිරීමයි. මේ රටේ මතු පරපුරට අනාගතයක් දිය යුතුයි. ඔබට නෙමයි ඔබේ දරුවන්ට. ඒ අය වෙනුවෙන් මේක හදමු. විපක්ෂය බලන්නේ තමන් ගැන කොහොමද බලය ගන්න. මම ඒ අයට කියන්නේ බලය ලබාගැනීමේ හොඳම ක්‍රමය අපිත් සමඟ එකතු වීමයි. අපෙන් පළපුරුද්ද වෙන්න ඊට පස්සේ බලය ලබාගන්න අපි හැමෝම එකතුවෙලා මේ ගමන යමු."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න