අගමැති ධුරය : දිනේෂ් හොඳටම කරලා !

අගමැති ධුරය : දිනේෂ් හොඳටම කරලා !

2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේම 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 2022දී 1310.4ක් වූ බවත් 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවද ඒ අනුව 2022දී පැවති රුපියල් මිලියන 239.2ක වාහන නඩත්තු වියදම 2023දී රුපියල් මිලියන 72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න