රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්

රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්

කුරුණෑගල , බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද(14) සිර දඬුවම් නියම කෙරිණ.

කුරුණෑගල මහාධිකරණය විසින් අද (දෙසැ 14) එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාට සිර දඬුවම් නියම කෙරිණ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ 13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ 2020 වසරේ ජූලි 14 වන දා ය.

එවකට කුරුණෑගල නගරාධිපති ධූරය දරනු ලැබුවේ ද තුෂාර සංජීව විතාරණ විසිනි.

කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා එවකට පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න