නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක්

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස්  පත් කෙරේ.

දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ් මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි හෙබවූවේය.

වර්ෂ 1969 ජුනි මස 06 දින උපත ලබා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විවිද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා අධ්‍යාපනයට හා මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් සිය පාසල් මෑණියන් වෙත ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකු විය.

වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදාවට බැඳුණු ඔහු දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජුනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් ඒ මහතා 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා සිය හමුදා දිවිය තුළදී අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇත. වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී ඔහු වෙත පැවරූ සංග්‍රාමික රාජකාරින්හිදී සුවිශේෂී කැපවීමක් දක්වමින් එම රාජකාරින් ඉටුකරනු ලැබීය.

ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා යුද්ධ හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, අණදෙන නිලධාරී, මේජර් ජෙනරල් එස්.ටී.ටී ජයසුන්දර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අධි සහායක, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, මෙහෙයුම් සහ පුහුණු ආඥාපති, මරදාන යුධෝපකරණ ගබඩා කඳවුරෙහි ආරක්‍ෂක නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, 3 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, පිරිස් පරිපාලන අධ්‍යක්ෂක, මාණ්ඩලික නිලධාරි II – අතරමැදි කඳවුර අනුරාධපුරය, ආරක්‍ෂක සම්බන්ධීකාරක – ආරක්‍ෂක අමාත්‍යාංශය, 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති , ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, එක්සත් ජාතීන්ගේ නිව් යෝර්ක් මූලස්ථානයේ හමුදා උපදේශක, ආරක්ෂක සේනා ආඥාපති – බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න