ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක මූලස්ථානය ලංකාවේ : සාගල ගේ යෝජනාව සම්මතයි !

 ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක මූලස්ථානය ලංකාවේ : සාගල ගේ යෝජනාව සම්මතයි !

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉදිරිපත් කළ යෝජනාවට මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී එකඟතාව පළවී ඇත.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ කිසිදු විරෝධයකින් තොරව කලාපයේ රටවල් මෙම යෝජනාව සඳහා එකඟතාව පළකිරීම ය.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න